නව යුධ හමුදාපතිවරයා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් හමුවෙයි

සැප්තැම්බර් 03, 2019

නව යුධ හමුදාපති ලෙස පත් වූ ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (සැප්තැම්බර් 03) දින පෙරවරුවේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමු විය.

පසුගිය මාසයේ (අගෝස්තු 21) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද හමුදාධිපති ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව යුද හමුදාපතිවරයා රාජ්‍ය අමාත්‍යවරයා නිල වශයෙන් හමු වූ පළමු අවස්ථාව මෙයයි.

මෙම හමුවේදී නව හමුදාපතිවරයා හා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර සුහද සාකච්ඡාවක් පැවැත්වුනු අතර ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා නව යුද හමුදාපතිවරයාට සිය සුබ පැතුම් එක් කළේය.

මෙම අවස්ථාව සිහිපත්විම සඳහා සමරු සිහිවටන හුවමාරුවක්ද සිදු විය.