ආරක්ෂක ලේකම් අකුරේගොඩ ආරක්ෂක සේවා මූලස්ථාන සංකීර්ණ ව්‍යාපෘතියේ වැඩ පරීක්ෂා කිරීමේ සංචාරයක

සැප්තැම්බර් 07, 2019

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අද දින (සැප්තැම්බර් 07) අකුරේගොඩ පිහිටි ආරක්ෂක සේවා මූලස්ථාන සංකීර්ණ ව්‍යාපෘතියේ වැඩ පරීක්ෂා කිරීමේ සංචාරයක නිරත විය.

ඉදිකිරීම් ව්‍යාපෘතියේ සියලුම අංශ ලේකම්වරයා විසින් නිරීක්ෂණය කල අතර එම අවස්ථාව සදහා ව්‍යාපෘතිය භාර ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද සහභාගී විය. එතුමන් විසින් මේ වන විට ව්‍යාපෘතියේ සිදු කෙරෙමින් පවතින වැඩ කටයුතු වල ප්‍රගතිය පිලිබදව විමසා ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාෂල් ආර් ජේ පතිරගේ විසින් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව කෙටි විස්තරයක් ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන ලදී.

මෙම සංචාරයේදී ව්‍යාපෘති සංකීර්ණයේ අපවිත්‍ර ජලය පිරිපහදු කිරීමේ පද්ධතියක් (SEWAGE TREATMENT PLANT) ලේකම්තුමන් විසින් විවෘත කරන ලදී.