මාධ්‍ය නිවේදනයයි.

සැප්තැම්බර් 09, 2019

යුධමය වාතාවරණය පැවැති වකවානුවේ ක්‍රියාන්විත ප්‍රදේශවල හා ක්‍රියාන්විත ප්‍රදේශ ලෙස නම් නොකරන ලද ප්‍රදේශවල රාජකාරියේ යෙදි සිටියදි සෘජුවම ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් හෝ ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්විම උදෙසා සිදුකරන ලද ක්‍රියා හේතුවෙන් ආබාධිත වු හා මියගිය ත්‍රිවිධ හමුදා හා පොලිසියේ සාමාජිකයන් සඳහා ඔවුන්ගේ වයස අවුරුදු 55 වන තෙක් ගෙවන ලද වැටුප් හා දීමනා, මිය ගිය සාමාජිකයාගේ යැපෙන්නන් ජීවත්ව සිටින තෙක් සහ ආබාධිත සාමාජිකයා ජීවත්ව සිටින තෙක්ම ලබා දීම.

1. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ලද අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා වෙනත් රාජ්‍ය ආයතන විසින් ඉදිරිපත් කරන ලද නිරික්ෂණ අධ්‍යනය කර නිර්දේශ වාර්තාවක් ඉදිරිපත් කිරිම සඳහා පහත අමාත්‍යාංශ නියෝජනය කරමින් අනු කමිටුවක් පත් කරන ලදි.

       අ. රාජ්‍ය පරිපාලන, ආපදා කළමණාකරණ, සහ පශු සම්පත් කළමණාකරණ අමාත්‍යාංශ ලේකම් විසින් පත්කරන නියෝජිතයෙක් (සභාපති)

       ආ. මුදල් අමාත්‍යාංශ ලේකම් විසින් පත්කරන නියෝජිතයෙක් (සාමාජික)

       ඇ. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් (සාමාජික)

       ඈ. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විසින් පත්කරන නියෝජිතයෙක් (කැඳවුම්කරු)

2. ඒ අනුව මෙම අනු කමිටුව විසින් ලැබුණු නිර්දේශ සියල්ල අධ්‍යනය කොට සකස් කරන ලද අවසන් අනු කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා ඉදිරිපත් කිරිමට හැකිවන පරිදි අමාත්‍ය මණ්ඩල කාර්යාල වෙත මෙම සතිය තුළ ඉදිරිපත් කරනු ලැබේ.