ගෑස් කාන්දුවීමෙන් ඇතිවූ පිපිරීමෙන් දෙදෙනෙකුට තුවාල

සැප්තැම්බර් 15, 2019

අද (සැප්තැම්බර් 15)දින කොළඹ 9 දෙමටගොඩ මහවිල පාරේ නිවසක ගෑස් කාන්දුවීමක් හේතුවෙන් පිපිරීමක් සිදුව තිබේ.

අද පෙරවරු 08.30 ට පමණ මෙම පිපිරීම සිදුව ඇත.

මෙම සිදුවීමෙන් නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර සඳහා කොළඹ මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

පොලිසිය විසින් මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.