සැක කටයුතු ධීවර යාත්‍රා හතරක් නාවික හමුදා බාරයට

සැප්තැම්බර් 17, 2019

ශ්‍රී ලංකාවට අයත් අනන්‍ය ආර්ථික කලාප සීමාවේ (EEZ) මුර සංචාරයේ යෙදි සිටි නාවික හමුදා නෞකාවකට මාලදිවයිනට අයත් මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටි ධනුජි, සුභ පැතුම් 4, ලක්ප්‍රිය දේහි සහ නලින් 10 යන ශ්‍රී ලංකා බහුදින ධීවර යාත්‍රාවන් 4 ක් නිරීක්ෂණය වී ඇත.

නාවික හමුදාව විසින් ධිවරයින් 27 ක් දෙනෙකු සමගින් එම ධීවර යාත්‍රා අත්අඩංගුවට ගෙන ඊයේ (සැප්තැම්බර් 16) වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ සහ ගාල්ල වරායන් වෙත රැගෙන එන ලදී. යාත්‍රාවන් තුල සිදුකල වැඩිදුර පරික්ෂා කිරීමේදී එක් යාත්‍රාවක් තුල තිබී අයිස් නැමැති මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් සහ වෙනත් යාත්‍රාවක් තුල තිබී මෝර වරල් තොගයක් සොයා ගැනීමට සමත් වී ඇත.  

මේ වන විට මෙම යාත්‍රාවන් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සිදුකිරීම පිලිබදව සම්බන්ධතාවයන් තිබේදැයි සොයා බැලිම සඳහා විමර්ශනය කරනු ලබන අතර යාත්‍රාවල තිබෙන මත්ස්‍ය තොගයන් සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ධීවර දෙපාර්තමේන්තුව විසින් ගනු ලැබීමට නියමිතය.