වර්ෂා කාලගුණය තවදුරටත්

සැප්තැම්බර් 17, 2019

පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් ඉදිරියට පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.

අද (සැප්තැම්බර් 17) දහවල් නිකුත් කරන ලද අලුත්ම කාලගුණ අනාවැකි වලට අනුව විශේෂයෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි සහිත  තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බටහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම,සබරගමුව යන පළාත්වල සහ ගල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම්  ස්ථාන වල මි.මී. 100 ක් පමණ වන තරමක් තද වැසි ඇතිවිය හැකිය.

පස්වරු 2.00 න් පසු වෙනත් ප්‍රදේශවල  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

යාපනයේ සහ මන්නාරම් දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකිය.

දිවයින අවට මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළං නිරිත දෙසින් හා දිවයින අවට මුහුදු ප්‍රදේශවල පැ.කි.මි. 30 - 40 අතර වේගයකින් හමා යනු ඇත.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශය සහ පුත්තලම් සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා මුහුදු ප්‍රදේශය විටින් විට රළු විය හැකි අතර සුළං වේගය වරින් වර පැ.කි.මි.  50 - 55 දක්වා ඉහළ යා හැකිය.