“ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය” වෙනුවෙන් නාවික හමුදාවෙන් වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහනක්

සැප්තැම්බර් 18, 2019

ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අඟහරුවාදා (සැප්තැම්බර් 17) දින ගාලු මුවදොර වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී.

ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය සැප්තැම්බර් 15 වන දින සිට 22 දින දක්වා ප්‍රකාශයට පත්කර ඇත.

දෛනිකව විශාල පිරිසක් පැමිණෙන ගාලු මුවදොර දිවයිනේ ජනප්‍රිය පොදු ස්ථානයකි. එම නිසා කොළඹ නගරයේ ජනප්‍රිය හා ආකර්ෂණීය ගාලු මුවදොර ආශ්‍රිත වෙරළ තීරය පරිසර හිතකාමී ලෙස කසල හා ප්ලාස්ටික් ආදී අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ මෙම වැඩසටහන සඳහා නාවික හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය තුළ දිවයින පුරා නාවික හමුදා විධානයන් කේන්ද්‍ර කර ගනිමින් මෙවැනි වැඩසටහන් පැවැත්වීමට කටයුතු කර ඇත.