මාධ්‍ය ආයතන වල විකාශනය වන සාවද්‍ය ප්‍රවෘත්ති නිවැරදි කිරීම

සැප්තැම්බර් 18, 2019

අන්තර්ජාලය තුලින් සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන මගින් පාස්කු ඉරිදා ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් එල්ල කිරීමට යුද්ධ හමුදාවට සම්බන්ධ පිරිසක් සූදානම් වන බවට පුවතක් ප්‍රචාරය කරනු ලබයි.

එහෙත් මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් වන බැවින් එමගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්ති නාමයට හානියක් සිදුවනවා මෙන්ම රටෙහි මහජනතාව තුල අනිසි බියක් සහ ඔවුන්ගේ දෛනික කටයුතු පවත්වාගෙන යාමේ ගැටලුකාරී තත්වයන් ඇතිවන බව පෙන්වා දෙමි. තවද මෙම ප්‍රකාශය සිදුකර ඇති සහ සම්බන්ධ යැයි ප්‍රකාශිත පුද්ගලයින් පිළිබඳව යුද්ධ හමුදාව වෙතින් සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්‍ෂණ කටයුතු සිදුකරනු ලබන බව ඔබගේ අවධානයට ලක්කරනු කැමැත්තෙමි.