ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

සැප්තැම්බර් 20, 2019

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කේ ජේකබ් මහතා (Vinod K Jacob) අද (සැප්තැම්බර් 20) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේ දී ආරක්‍ෂක ලේකම්තුමන් සහ ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස්වරයා අතර ද්විපාර්ශ්වීය වැදගත්කමක් සහිත කරුණු සහ අන්‍යෝන්‍ය සුහදත්වය පිළිබඳව සුහද සාකච්ඡාවක්ද  පැවැත්විණි.

මෙම අවස්ථාවට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයාද සහභාගී විය.