අනතුරට පත් නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය

සැප්තැම්බර් 20, 2019

ඉන්ධන නෞකාවක  සිටි තුවාල ලැබු නාවිකයෙකු බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 20) නාවික හමුදා  වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් ගොඩබිමට රැගෙන එන ලදී. කොළඹ වරායේ ජාත්‍යන්තර නෞකා හා වරාය පහසුකම් ආරක්ෂාව පිළිබඳ ඒකකය (ISPS) මඟින් සිදු කරන ලද දැනුම්දීමක් මත රෝගියා රැගෙන ඒම සඳහා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යවා ඇත.

කොළඹ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 12 ක් පමණ දුරක සිටි තුවාලකරු වත ලගා වූ නාවික හමුදා යාත්‍රාව තුවාලකරු රැගෙන නැවත කොළඹ වරාය පැමිණ වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.