වන්නි ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙනුවෙන් යුද හමුදාවෙන් සමාජ සුභසාධන ව්‍යාපෘති

සැප්තැම්බර් 20, 2019

වන්නි ප්‍රදේශයේ හමුදා භට පිරිස් විසින් සංවිධානය කරන ලද විශේෂ අක්ෂි සායනයකින් දෘශ්‍යාබාධිත සිවිල් වැසියන් 300 කට වැඩි පිරිසකට ප්‍රතිලාභ සැලසිණි. වවුනියාව දිස්ත්‍රික් රෝහලේ අක්‍ෂි විශේෂඥයින්, කාර්මික ශිල්පීන් සහ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පසුගිය සතියේ (සැප්තැම්බර් 13) දින 56 සේනාංක මුලස්ථානයේදී අක්ෂි සායනය පැවැත්විණි.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සමාජ සුභසාධන වැඩසටහනක් ලෙස මෙම අක්ෂි සායනය පැවැත්විණි. මාතර ‘සිංහ සමාජයේ’ සාමාජිකයින්ගේ අනුග්‍රහය මත දෘශ්‍යාබාධිත සිවිල් වැසියන්ට ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීමද සිදු විය.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අධීක්ෂණය යටතේ ‘කියෝෂිරියු බුඩෝ’ (Kiyoshiru Budo) ආත්මාරක්‍ෂක සටන් කලා පුහුණු වැඩසටහනනේ දෙවන අධියර යටතේ පුහුණුව හදාරන 800 කට වැඩි කණ්ඩායමක්  අනුරාධපුර සඳහිරු සෑයේ සිදුකෙරෙමින් පවතින ඉදිකිරීම් කටයුතු සදහා සහාය දැක්වීය.

පුහුණුවන්නන්ගේ ශාරීරික යෝග්‍යතාවය මනා ලෙස පවත්වා ගැනීමටත් ජාතික ව්‍යාපෘතීන් සදහා දායකත්වය ලබා දීම සදහා මෙම වැඩසටහන නිර්මාණය කර ඇත.

යුදබිමේදී  දිවි පිදූ විරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීම සදහා ස්ථූපය ඉදිකෙරේ.