‘දියකාවා යුද අභ්‍යාසය - 2019’සාර්ථකව අවසන් වේ

සැප්තැම්බර් 24, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික ක්ෂේත්‍ර යුද අභ්‍යාසය “දියකාවා යුද අභ්‍යාසය අදියර 10 – 2019” සදුදා දින (සැප්තැම්බර් 23) ත්‍රිකුණාමලය කුච්චවේලි හිදී අවසන් අභ්‍යාසය වන ‘Critical Engagement’ පුහුණු  මෙහෙයුමෙන් ලෙස අවසන් විය.

ඊයේ සවස පවත්වන ලද මෙම උත්සවය සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුනරත්න මහතා සහභාගී විය.

සැප්තැම්බර් 03 දින සිට ආරම්භ වූ සති තුනක් පුරා පැවති ඒකාබද්ධ ත්‍රිවිධ හමුදා යුධ පුහුණු අභ්‍යාසය සඳහා යුද්ධ හමුදා සෙබළුන් 2400  ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකු සහභාගී වන අතර රටවල් 10ක් නියෝජනය කරමින් විදේශීය හමුදා සාමාජිකයින් සහ නිරීක්ෂකයින් 80 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.

දිවයිනේ ත්‍රිකුණාමලය, නුවර, පුල්මුඩේ, නිලාවේලි, කොළඹ, සීගිරිය, ගෝමරන්කඩවල, වඩුමුණේ, මන්නාරම, බලපිටිය සහ නුවරඑළිය යන ප්‍රදේශ වල පුහුණු අභ්‍යාස පැවැත්විණි.

අවසාන මෙහෙයුමේදී  සතුරු සැඟවුණු ස්ථානවලට ඉතාමත් නිරවද්‍යතාවයෙන් යුතුව බහුවිද ඒකාබද්ධ  ප්‍රහාරයක් එල්ල කිරීම සිදුවිය.

අවසන් පුහුණු මෙහෙයුමේ අවසන් අධියර නැරඹීම සඳහා ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිළයින් විශාල පිරිසක් පැමිණ සිටියහ.