ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් රාජකීය විද්‍යාල රණවිරු අනුස්මරණ ස්මාරකය විවෘත කරයි

සැප්තැම්බර් 24, 2019

කොළඹ රාජකීය විද්‍යාල භූමියේ නැවත ස්ථානගත කරන ලද රණවිරු අනුස්මරණ ස්මාරකය අද (සැප්තැම්බර් 23) විවෘත කිරීමේ උත්සවය සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.

මෙම නැවත ස්ථානගත කරන ලද ස්මාරකය ඉදිකිරීම සඳහා මුල්‍ය අනුග්‍රහය පැරණි රාජකීය ශිෂ්‍යභට තූර්ය වාදක සංගමයේ ආරම්භක සභාපති චන්දිමාල් ප්‍රනාන්දු මහතා සහ අනුග්‍රාහකයින් විසින් දක්වා ඇත.

ප්‍රතිසංස්කරණය කරන ලද ශිෂ්‍යභට සරඹ භුමිය  විවෘත කිරීම සහ ශිෂ්‍යභට තූර්ය වාදක කණ්ඩායම වෙත නිල බ්ලේසර් ලබාදීම ද මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවට පාසල් බලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ආදී සිසුන් සහ පාසලේ අභිවෘද්ධිය සදහා කැපවී ක්‍රියා කරන විශාල පිරිසක් සහභාගී වූහ.