අඩු පහසුකම් සහිත පාසලකට ගුවන් හමුදා ආධාර

ඔක්තෝම්බර් 01, 2019

වවුනියාව ප්‍රදේශයේ රාජකාරී කරනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් විසින් ඔවුන්ගේ සමාජ සුභසාධන වැඩසටහන්හි තවත් ව්‍යාපෘතියක් ලෙස ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත දුෂ්කර පාසලකට ආධාර ලබා දී ඇත. ගුවන් හමුදා මාධ්‍යට අනුව  වවුනියාව ගුවන් හමුදා මුලික කදවුර මගින් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් 28) දින මහකොච්චකොඩිය ප්‍රථමික විද්‍යාලයේදී මෙම වැඩසටහන සිදුකර ඇත.

පාසලේ ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගුවන් හමුදා භටයින් සහාය ලබා දුන් අතර මෙම ප්‍රාථමික පාසලේ අඩු පහසුකම් සහිත ළමුන් සඳහා පොත් 750 ක් පරිත්‍යාග කිරීමද සිදුවිය.

මෙම අවස්ථාව සදහා වවුනියාව ගුවන් හමුදා මුලික කදවුරේ අණදෙන නිළධාරි එයාර් කොමදෝරු  එල් එච් සුමනවීර ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී විය.