ප‍්‍රථම පොපි මල ජනපතිට පළඳවයි …

ඔක්තෝම්බර් 02, 2019

පොපි මල් දිනය නිමිතිකොට ගනිමින් පළමු පොපි මල ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ශ‍්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් ප‍්‍රථම පොපි මල ජනාධිපතිතුමා වෙත පළඳවනු ලැබීය.

සන්නද්ධ හමුදා අනුස්මරණ දින, පොපි ව්‍යාපෘතිය හා යුද ස්මාරක සංවර්ධන කමිටුවේ සභාපති රියර් අද්මිරාල් ආචාර්ය ෂේමාල් ප‍්‍රනාන්දු මහතා ඇතුළු ශ‍්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය