ආරක්‍ෂක ලේකම්තුමන් විසින් නව ජාතික බුද්ධි ප්‍රධානි වෙත නව තනතුරෙහි පත්වීම් ලිපිය පිරිනමයි

ජුනි 13, 2019

නවතමයෙන් පත් කරන ලද ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා වෙත අද (ජුනි 13) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා විසින් අමාත්‍යංශ පරිශ්‍රයේ දී සිය පත්වීම් ලිපිය ප්‍රදානය කරන ලදී.

අද සවස සිය කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී ආරක්‍ෂක ලේකම්තුමන් විසින් නව ජාතික බුද්ධි ප්‍රධානි වෙත එම ලිපිය ප්‍රදානය කල අතර එහිදී ආරක්‍ෂක ලේකම්තුමන් විසින් මේජර් ජෙනරාල් කුලතුංග වෙත සිය සුභාශිංෂණ පිරිනමන ලදී.