ස්විට්සර්ලන්ත තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

ඔක්තෝම්බර් 02, 2019

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති, අතිගරු හාන්ස්පීටර් මොක් (Mr. Hanspeter Mock) මහතා අද (ඔක්තෝබර් 02) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.

ආරක්‍ෂක ලේකම්තුමන් සහ ස්විට්සර්ලන්ත තානාපතිතුමන් අතර ද්විපාර්ශ්වීය වැදගත්කමක් සහිත කරුණු සහ අන්‍යෝන්‍ය සුහදත්වය පිළිබඳව සුහද සාකච්ඡාවක්ද  පැවැත්විණි.