ලෝක ළමා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් මුල්‍යමය පරිත්‍යාගයක්

ඔක්තෝම්බර් 02, 2019

අසරණ දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන්  දායකත්වය ලබා දෙමින් ලෝක ළමා දිනයට (ඔක්තෝබර් 01) සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලයේ  අසරණ දරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ  ‘ජාතික භාර අරමුදල’ වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මුල්‍යමය පරිත්‍යාගයක් සිදු කර ඇත.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නියෝජනය කරමින් අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි විසින් ඊයේ දින (ඔක්තෝබර් 01) ජනාධිපති ලේකම් කාර්යාලයේදී රුපියල් මිලියන 10 ක මුදල් චෙක්පතක් අතිගරු ජනාධිපතිතුමන් වෙත පිරිනමන ලදී.

අසරණ දරුවන්ගේ හා විශේෂ කුසලතා ඇති තරුණ පිරිස් වෙනුවෙන් මෙම අරමුදල්  ප්‍රයෝජනයට ගැනීමට අපේක්ෂා කෙරේ.