යුද්ධ හමුදා සංවත්සර වෙනුවෙන් හින්දු ආගමික වතාවත්

ඔක්තෝම්බර් 03, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කොළඹ 13 හි ශ්‍රී පොන්නම්බලවානේෂ්වරම් කෝවිලේදී හින්දු ආගමික උත්සවයක් සංවිධානය කර තිබුණි. යුද හමුදාවට සහ යුද හමුදා ධජයන්ට ආශිර්වාද කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා හින්දු සංගමය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය ඊයේ දින (ඔක්තෝබර් 02) පැවැත්විණි.

යුද හමුදා මාධ්‍යට අනුව,  පූජ්‍ය සිවා ශ්‍රී සුරේෂ්වර ප්‍රධාන පූජකතුමා (කුරුක්කල්) විසින් හින්දු ආගමික වතාවත් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිළයින් සහභාගී විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 70 වන සංවත්සරය එලඹෙන ඔක්තෝම්බර් මස 10 වෙනි දින සමරනු ලබයි.