ඉරාන තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජුනි 13, 2019

ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති මොහොමඩ් සයරි අමිරනී (H.E Mr. Mohammad Zaeri Amirani) මැතිතුමන් අද (ජූනි 13) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේ දී ආරක්‍ෂක ලේකම්තුමන් සහ ඉරාන තානාපතිතුමන් අතර ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි. මෙම අවස්ථාව සිහිවීම වස් දෙපාර්ශවය අතර සමරු තිලින හුවමාරුවක් ද සිදුවිය.