70 වන යුද හමුදා සංවත්සරය නිමිත්තෙන් කිතුනු දේව මෙහෙයක්

ඔක්තෝම්බර් 05, 2019

70 වන යුද හමුදා දිනය නිමිති කරගෙන විශේෂ කිතුනු ආශිර්වාද දේවමෙහෙයක් කොළඹ 04, බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයේදී සිකුරාදා දින (ඔක්තෝබර් 04) සවස පැවැත්විණි.

යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් මෙම දේවමෙහෙය සංවිධානය කර තිබුණි.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් විසින් දේවමෙහෙය පවත්වනු ලැබීය

දේවමෙහෙයේදී යුද්ධ හමුදා සාමාජිකයන්ට සහ  යුද්ධ හමුදා ධජයන්ට දේව ආශිර්වාද පිරිනමන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් සහ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.