ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටරයක් භාවිතා කරමින් සමුද්‍රීය සෙවීම් සහ මුදා ගැනීමේ මෙහෙයුමක් සිදු කරයි

ඔක්තෝම්බර් 09, 2019

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එම්අයි 17 හෙලිකොප්ටරයක් උපයෝගී කරගනිමින් සමුද්‍රීය සෙවුම් සහ මුදාගැනීමේ (SAR) මෙහෙයුමක් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව සඳුදා (ඔක්තෝබර් 07) දින සිදු කරන ලදී.

ගුවන් හමුදා මාධ්‍යට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘පරාක්‍රමබාහු’ නෞකාව සමඟ කෙරවලපිටිය  මුහුදු ප්‍රදේශයේදී මෙම මෙහෙයුම සිදු කරන ලදී. ගුවන් හමුදා හෙලිකොප්ටරයක් භාවිතා කරමින් මෙවැනි මෙහෙයුමක් සිදු කළ පළමු අවස්ථාවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා හදිසි ආපදා සහන කණ්ඩායම මීට පෙරද ස්වාභාවික විපත් සහ මුහුදේ දී සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුම් රාශියක් සිදු කර ඇත. තවද, හදිසි ආපදා තත්ත්වයන්හිදී ගුවන් හමුදා නිරීක්ෂණ ගුවන් යානා  මගින් ලබා දෙන තොරතුරු මත ක්ෂණික ප්‍රතිචාර දක්වමින් දිවි ගලවා ගත් අය බේරා ගැනීමටද ක්‍රියාකරයි.