නව ගුවන් හමුදාපති ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් හමුවෙයි

ජුනි 12, 2019

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාධිපතිතුමන් ලෙස වැඩ භාරගත් එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අද (ජූනි 12) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේදී රාජ්‍ය අමාත්‍යතුමන් සහ ගුවන් හමුදාපතිතුමන් අතර අන්‍යෝන්‍ය වැදගත්කමක් ඇති කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම අවස්ථාව සිහිවීම වස් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදුවිය.