වර්ෂා කාලගුණය තවදුරටත්

ඔක්තෝම්බර් 15, 2019

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින (ඔක්තෝබර් 15)  නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකි අනුව පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපය තුලද පවතිනු ඇත. අද සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුගෝලීය පීඩනය අවම මට්ටමක පැවතීම හේතුවෙන් පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

දිවයිනේ බටහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, ඌව පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ  ඇතැම්  ස්ථාන වල මි.මී. 100ට  වඩා අධික වර්ෂාපතනයක් අපේක්‍ෂා කළ හැකිය.

පසුගිය පැය 24 තුළ මි.මී. 113 ට වඩා වැඩි උපරිම වර්ෂාපතනය රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා විය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක්  ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන්හිදී ඇති වන තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කිරීම සඳහා අවශ්‍ය ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.