ජනාධිපති අපේක්‍ෂකයන්ට උපරිම ආරක්‍ෂාව සැලසීමට ජනපතිගෙන් උපදෙස්

ඔක්තෝම්බර් 17, 2019

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්‍ෂකයන් සඳහා උපරිම ආරක්‍ෂාවක් සැපයීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආරක්‍ෂක මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි.

ඒ අනුව ජනාධිපති අපේක්‍ෂකයින් ඉල්ලා සිටින පරිදි ඔවුන්ට අවශ්‍ය උපරිම ආරක්‍ෂාව සැලසීමට ජනාධිපතිතුමා ආරක්‍ෂක අංශ ප්‍රධානීන් දැනුවත් කර තිබේ.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය