වෙරළාරක්ෂක බළකාය දකුණු පළාත් ජනතාව වෙනුවෙන් ජීවිතාරක්ෂක වැඩසටහන් සිදුකරයි

ඔක්තෝම්බර් 17, 2019

දකුණු පළාතේ සිවිල් වැසියන් සහ පාසල් ළමුන් වෙනුවෙන් ජීවිතාරක්ෂක සහ දියේ ගිලීම් වැළැක්වීමේ දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් පසුගියදා පවත්වන ලදී.

වෙරළාරක්‍ෂක මාධ්‍යට අනුව, මෙම ජීවිතාරක්ෂක දැනුවත් කිරීමේ වැඩමුළුව ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහනට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේදී පවත්වා ඇත. ඔක්තෝබර් මස 10,11,12 සහ 13 යන දිනයන්හිදී  කිරිදිගම සහ බුන්දල ප්‍රාථමික විදුහලේදී, හම්බන්තොට ධීවර වරායේදී සහ බන්දගිරිය වැවෙහිදී මෙම  ජීවිතාරක්ෂක වැඩමුළු පැවැත්විණි.

ජල ආරක්ෂණය, දියේ ගිලීම් වැළක්වාගැනීම  සහ ප්‍රථමාධාර පිළිබඳව ධීවර ප්‍රජාව සහ පාසල් ළමුන් ඇතුළු සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වන ලදී.මෙම වැඩසටහන් තුලින් සිවිල් වැසියන් සහ පාසල් ළමුන් විශාල සංඛ්‍යාවකට ප්‍රතිලාභ සැලසිණි.

මෙම වැඩසටහන් සඳහා ජනාධිපති මහලේකම් කාර්යාලය, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජිතයින් සහ අනෙකුත් රාජ්‍ය  නිලධාරීන් ද සහභාගී විය.