ඕස්ට්‍රේලියාවේ සිදුවන මිනිස් ජාවාරම් සහ අන්තර්ජාතික අපරාධ පිළිබඳ 6 වන ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම සදහා ආරක්ෂක ලේකම්තුමන්ගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වේ

ඔක්තෝම්බර් 14, 2019

6 වන ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා පුද්ගල ජාවාරම් සහ අන්තර්ජාතික අපරාධ පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම ඔක්තෝබර් 11 වන දින ඕස්ට්‍රේලියාවේ කැන්බරා හිදී පැවැත්විණි. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා 11 දෙනෙකුගෙන් යුත් ද්විපාර්ශ්වික රැස්වීමේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙන ලදී.

ඕස්ට්‍රේලියානු දූත පිරිසට වැඩබලන නියෝජ්‍ය ලේකම්,ප්‍රතිපත්ති සමූහ, ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ හාමිෂ් හෑන්ස්ෆර්ඩ් මහතා, ඒකාබද්ධ කාර්ය බලකායේ ස්වෛරී දේශසීමා මෙහෙයුම් අණ දෙන නිලධාරී මේජර් ජෙනරාල් ක්‍රේග් ෆුරිනි ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු  එච්.ඊ. ඩේවිඩ් හොලි මැතිතුමන්, මිනිස් ජාවාරම් පිළිබඳ තානාපති අතිගරු  බ්‍රයිස් හචිසන් මහතා සහ රාජ්‍ය නිලධාරීන් ඇතුලත් විය.

සාකච්ඡාවන් අතරතුර දෙපාර්ශ්වයම මිනිස් ජාවාරම් සහ අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් තවදුරටත් කැපවීමෙන් ඉදිරියටත් අඛණ්ඩව කටයුතු කරන බවට තහවුරු කරන ලදී.

පුද්ගලයින් ජාවාරම් කිරීමේ කටයුතු වැළැක්වීම වෙනුවෙන් මුර සංචාරක යාත්‍රා ලබා දීමෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා ඕස්ට්‍රේලියානු රජයට සිය කෘතඥතාව පළ කළේය. සමුද්‍රීය දේශසීමා කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක බලකායට ලබා දුන් සහයෝගයටද එතුමන් ස්තූතිය පුද කළේය.

සමුද්‍රීය සහයෝගීතාවය, බුද්ධි තොරතුරු හුවමාරුව සහ පුහුණුවීම් මෙම රැස්වීමේදී සාකච්ඡාවන් සඳහා බදුන් වූ අනෙකුත් මාතෘකාවන් වේ.

ඕස්ට්‍රේලියානු දූත පිරිස නීතිවිරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සිදුකරන ලද ක්‍රියාමාර්ගයන්හි  වර්ධනයන් සහ ඒ වෙනුවෙන් සිදුකරන ලද කැපවීම අගය කළහ.

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අතිගරු  ජේ.සී. වැලිඅමුන මහතා,නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ ආරක්ෂක අමාත්‍යංශයේ හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් දූත පිරිසට අයත් විය.

ඕස්ට්‍රේලියානු සංචාරයේදී ආරක්ෂක ලේකම්වරයා එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් ග්‍රෙග් මොරියාටි මහතා, ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් ලින්ඩා ගෙඩේස් මහත්මිය සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් රෙබෙකා ස්කිනර් මහත්මිය ඇතුළු ඕස්ට්‍රේලියානු ජේෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීය.

ලේකම්වරයා කැන්බරා හි පිහිටි ඕස්ට්‍රේලියානු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය. ඕස්ට්‍රේලියානු රණවිරු ස්මාරකය ඕස්ට්‍රේලියාව වෙනුවෙන් යුධ වැදී මියගිය හා සහභාගී වූ අය සිහිකරනු වස් මෙය ඉදිකර ඇත.

ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුරදී  ලේකම්වරයාට බ්‍රිස්බේන් හි සේවා මුක්ත භට සංගම්  සාමාජිකයින්ගේ සංගමය විසින් ගෞරව උපහාර දක්වන ලදී.