“ගාලු කථීකාව 2019” හෙට ආරම්භ වේ

ඔක්තෝම්බර් 20, 2019

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය වන “ගාලු කථීකාවත 2019” හෙට (ඔක්තෝබර් 21) කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී ආරම්භ වේ.

සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහභාගී වීමට නියමිතය.

දසවන වතාවට පැවැත්වෙන අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ඔක්තෝබර් 21 සහ 22 යන දෙදින තුල කොළඹ දී “නව චින්තනයකින් යුතුව අන්තර් සමුද්‍රීය තර්ජනයන් හට පිළියම් යෙදීම සඳහා සුඳානම් විම: දශකයක සමාලෝචනය” යන තේමාව යටතේ පැවැත්වේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරාධනයෙන් මෙවර සමුළුව සඳහා රටවල් 55 ක සහ ජාත්‍යන්තර සංවිධාන 12 ක මෙන්ම ආරක්ෂක කේෂත්‍රයේ නිපැයුම් සම්බන්ධ ආයතන 03ක නියෝජිතයින් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙවර “ගාලු කථීකාව” තුලින් පසුගිය වසර 10 තුල සමුළුව සදහා සම්බන්ධ වන සියලු පාර්ශවකරුවන්ගේ අත්දැකීම් මත පදනම්ව සමුද්‍රීය තර්ජන වලට මුහුණ දුන් ආකාරය පිළිබදව නැවත හැරීබැලීමක් සිදුකෙරේ.