උතුරු පලාත් පාසල් සිසුන්ට සම්මන්ත්‍රණ පැවැත්වීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහාය

ඔක්තෝම්බර් 23, 2019

එළඹෙන දෙසැම්බර් මස පැවැත්වෙන අපොස (සා/පෙ) විභාගයට සමගාමිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් විභාගය සදහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් අධ්‍යාපන උපකාරක  වැඩසටහන් පැවැත්වීම ආරම්භ කරන ලදී.

ඒ අනුව, මුලතිව් ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් විසින් පසුගිය සතියේ 17 සහ 18 යන දෙදින තුළ  පුදුකුඩුඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ දෙදින අපොස (සා/පෙ) සම්මන්ත්‍රණයක් පැවැත්වීමට පහසුකම් සපයන ලදී. පවත්වන ලද දෙදින සම්මන්ත්‍රණයට සහභාගී වූ සිසුන් 900 කට වඩා වැඩි පිරිසකට සුදුසුකම් ලත් උපදේශකයින් විසින් පවත්වන ලද දේශන මගින් ඉංග්‍රීසි, ඉතිහාසය, විද්‍යාව සහ ගණිතය යන විෂයයන් පිළිබඳ දැනුම ලබා ගැනීමට හැකියාව ලැබුණි.

යුද්ධ හමුදාව විසින් සම්මන්ත්‍රණයට සහභාගී වූ සිසුන් වෙනුවෙන් ඔවුන්ට උදේ ආහාරය, දිවා ආහාරය සහ කෙටි ආහාර ලබා දීමටද කටයුතු කරන ලද අතර සම්මන්ත්‍රණය මෙහෙයවූ උපදේශකයින් වෙනුවෙන් විශේෂ දීමනාවක්ද ලබා දෙන ලදී.

මේ අතර, යාපනයේ අවශ්‍යතා සහිත පවුල් සහ පාසල් ළමුන් සඳහා පොල් බීජ හා පාපැදි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා දින (ඔක්තෝබර් 20) යාපනයේ කරුගම්පානෙයි සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.