නෙදර්ලන්තයේ “ඉන්ඩොවින් බොක්ස් කප් 2019 ” බොක්සිං ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට රිදී සහ ලෝකඩ පදක්කමක්

ඔක්තෝම්බර් 24, 2019

නෙදර්ලන්තයේ “ඉන්ඩොවින් බොක්ස් කප් 2019 ” බොක්සිං ශූරතාවලිය සදහා සහභාගී වූ  ශ්‍රී ලංකා පොලීස් ක්‍රීඩකයින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් විය.

ඉන්ඩොවින් බොක්ස් කප් ශූරතාවලිය නෙදර්ලන්තයේ පැවැත්වෙන ප්‍රමුඛතම ඔලිම්පික් බොක්සිං ශූරතාවලියක් වන අතර මෙවර ඔක්තෝබර් 17 දින සිට 20 දින දක්වා ඓතිහාසික වෙන්ඩර්වර්ක් එයින්ධුවන් හෝටල් බොක්සිං කවයේදී පැවැත්විණි.

කිලෝ ග්‍රෑම් 63 බර පන්තියෙන් කරඟ වැදුනු පොලිස් කොස්තාපල් වීරසිංහ ලෝකඩ පදක්කමක් සහ කිලෝ ග්‍රෑම් 75 බර පන්තියෙන් කරඟ වැදුනු පූර්ණිමා ජයසූරිය රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ඉන්ඩොවින් බොක්ස් කප් ශූරතාවලිය ලන්දේසි බොක්සිං සංගමයේ සහ AIBA හි අධීක්ෂණය යටතේ Noble Art of Boxing Foundation විසින් සංවිධානය කර ඇති අතර පිරිමි සහ කාන්තා සියලු බර පන්තිවල ප්‍රමුඛතම බොක්සිං ක්‍රීඩකයින් සඳහා විවෘත වේ.