ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මියගිය රණවිරු අනුස්මරණ උත්සවය ආරක්‍ෂක ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන්

ඔක්තෝම්බර් 25, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් පාබල රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා පාබල හමුදාවට වසර 30 ක් සපිරිම නිමිත්තෙන් පවත්වනු ලබන සැමරුම් උත්සව මාලාව තුල ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් අද දින (ඔක්තෝබර් 25) සවස පනාගොඩ එම  රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණි.

රණවිරු අනුස්මරණ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා සහභාගී විය.

රෙජිමේන්තු මූලස්ථානයට පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු විසින් පිළිගනු ලැබීය.

ලේකම්තුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී කඳවුරු මුරය පසු කර යෑමක් සිදුකර ආචාර දැක්විය.

උත්සවය අමතමින් ආරක්‍ෂක ලේකම්තුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදාව වසර 30 ක අභිමානය සමරමින් සිදුකරන ලද උත්සව මාලාවේ සුවිශේෂීම කර්තව්‍ය වශයෙන් පවත්වන ලද මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය සඳහා සහභාගී වීමට ලැබීම ගෞරවයක් බවත් රටේ නිදහස වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයෙන් කටයුතු කල අභිමානවත් රණවිරුවන් අනුස්මරණය කිරීම අගය කරන ලදි.

එතුමන් හැදී වැදුණු රෙජිමේන්තුවට පැමිණීමට ලැබීම සතුටට කරුණක් බවත් තම කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුල රෙජිමේන්තුවේ ගත කල කාලය සිහිපත් කරන ලදී.

තවද, පැමිණ සිටි රණවිරු පවුල් වල සාමාජිකයින් වෙත පවසා සිටියේ “ඔබගේ පුතනුවන්, ආදරණිය පියාණන්, ඔබගේ ස්වාමිපුරුෂයා එම උතුම් කැපකිරීම සිදුකලේ යම් අරමුණක් උදෙසා බවත් ඔවුන්ගේ නාමයට අභිමානයක් එක් වන පරිදි හැසිරීමටත්, එසේ ජීවත් වීමටත්, ඔවුන් දුටු සිහිනය යථාර්ථයක් කිරීමටත් සිහි තබා ගත යුතු බවත් අපට ඔවුන් වෙනුවෙන් පුද කල හැකි ඉහලම සත්කාරය වනුයේ ඔවුන් දුටු සිහිනය වන යහපත් සමාජයක්, නිදහස් ශ්‍රී ලංකාවක් හා සමෘද්ධිමත් රටක් දක්වා ගමන් කිරීම බවයි.  

ආරක්‍ෂක ලේකම්තුමන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රණවිරු ස්මාරකය අභියසදී මියගිය රණවිරුවන් සිහිකර පුෂ්පෝපහාර දැක්වීය. මෙම අවස්ථාවට මියගිය රණවිරුවන් ගේ ලගම ඥාතීන් විශාල පිරිසක් සහභාගී විය.

ත්‍රස්තවාදීන් සමග සටන් වැද ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් 168 ක් හා සෙසු නිලයින් 3700 ක් තම ජිවිත පරිත්‍යාග කර ඇත.

මෙම අවස්ථාවට යුද්ධ හමුදාධිපති, හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගී විය.