ආරක්‍ෂක අමාත්‍යාංශ වාර්ෂික ක්‍රිකට් තරඟාවලිය - 2019

ඔක්තෝම්බර් 27, 2019

ආරක්‍ෂක අමාත්‍යාංශ වාර්ෂික ක්‍රිකට් තරඟාවලිය 2019 අද කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිඩාංගණයේදී පැවැත්විණි. මේ සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා සහභාගී විය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සෝනියා කෝට්ටෙගොඩ මහත්මියද සහභාගී විය.

තරඟාවලිය ආරම්භ කිරීමට ප්‍රථම මියගිය රණවිරුවන් සිහිකර විනාඩි 2 ක නිශ්ෂබ්දතාවයක් ආරක්‍ෂා කරන ලදි.

තරඟාවලිය සඳහා කණ්ඩායම් 11 ක් සහභාගීවූ අතර අවසන් මහා තරඟය සඳහා තාක්‍ෂණ අංශය සහ ගිණුම් අංශය සුදුසුකම් ලැබීය.

තාක්‍ෂණික අංශය අවසන් තරඟයේ ජයග්‍රහණය තමන් වෙත නතුකර ගනිමින් ගිණුම් අංශය පරදවා තරඟාවලියේ ශුරතාව හිමිකරගන්නා ලදි.

තරඟාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට සහ දක්‍ෂතා දැක්වූ ක්‍රිඩකයින් හට කුසලතා ප්‍රධානය අතිරේක ලේකම් (පරිපාලන) කේ ඒ කුලසූරිය, හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ටී ජේ කොඩිතුවක්කු වැඩබලන අතිරේක ලේකම් නිලන්ති ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් අජිත් දිසානායක විසින් සිදුකරන ලදි.