ශ්‍රී ලංකා යුධ හමුදාව සිවිල් වැසියන් හා එක්ව ඇල මාර්ගයක් පිරිසිදු කරයි

ඔක්තෝම්බර් 27, 2019

උතුරු පළාත් යුධ හමුදා සාමාජිකයන් සිවිල් වැසියන් සමග එක්ව සඳුදා (ඔක්තෝබර් 21) කනගරායන් ආරු ඇල මාර්ගය පිරිසිදුකර ජලය ගලායාම විදිමත් කිරීමට කටයුතු කර ඇත. මෙම ඇල මාර්ගය ඉරණමඩු වැවෙන් ජලය ගොවිබිම් කරගෙනයන ප්‍රධාන ඇලකි.

මෝසම් වැසි ආරම්භ වීමෙන් පසුව ජලය ගලායාම පහසු කිරීමටත් ජලය පිටාර ගැලීම නැවැත්වීමේ පූර්වාරක්ෂක පියවරක් ලෙසත් මෙම ඇල පිරිසිදු කර ඇත.

කිලිනොච්චි වාරිමාර්ග කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ ඔහුගේ කාර්යමණ්ඩලය, කන්දවාලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක මණ්ඩලය සහ අනෙකුත් සහයෝගය දැක්වූවන් මෙම වැඩසටහනට සහභාගී විය.

මේ අතර ශ්‍රී ලංකා යුධ හමුදා සාමාජිකයන් විසින් "තුරුලිය වෙනුවෙන් අපි" ව්‍යාපෘතියට සමගාමීව පල්ලවරයන් කඕඩු සොලයිතෙලා ගම්මානයේ සිවිල් වැසියන් වෙත කජු පැල 300ක් බෙදාදීමේ වැඩසටහනක් අගහරුවාද දින (ඔක්තෝම්බර් 22) පැවැත්විණි.