වර්ෂා කාලගුණය තවදුරටත්

ඔක්තෝම්බර් 28, 2019

නිරිතදිග බෙංගාල බොක්කෙහි වයුගොලීය කැලඹීමත් සමග දිවයිනේ දකුණු ප්‍රදේශයට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර මෙම තත්වය දකුණු මුහුදු ප්‍රදේශය හරහා දිවයිනේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කිරීමට ඉඩ තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශ වල උතුරු නැගෙනහිර ඌව, දකුණ, මද්‍යම සහ සබරගමුව පළාත්වලට වර්ෂා තත්වය ඉහල යන අතර එම තත්වය තවදුරටත් අඟහරුවදා (ඔක්තෝම්බර් 29) දින දක්වා පවතිනු ඇත.

කාලගුණ වාර්ථා අනුව ඌව, දකුණ, මද්‍යම සහ සබරගමුව පළාත් වල තද වැසි (මි.මි. 150-200 අතර) අපේක්ෂා කළහැකි අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ (මි.මි. 100ට වැඩි) අධික වැසි සහිත තත්වයක් අපේක්ෂා කල හැකිය.

දිවයින පුරා සුලං තත්වයක් ඇතිවිය හැකි අතර විශේෂයෙන් මද්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් වල (නුවරඑලිය, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්ක) සහ දකුණු හා වයඹ පළාත්වල විටින් විට සුලන් තත්වය පැ.කි.මි. 50-60 දක්වා ඉහල ය හැකි බව අපේක්ෂා කෙරේ.

ධීවර කටයුතු සඳහා මුහුදු යාමේදී ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙස ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර අයහපත් කාලගුණ තත්වය නිසා ඇතිවිය හැකි හදිසි අපදා තත්වයන් සදහා ආධාර ලබාදීම සදහා ත්‍රිවිද හමුදාව සුදානමින් සිටී.