කන්තලේ වැව අසල පොලිස් ජීවිතාරක්ෂක කුටියක්

ඔක්තෝම්බර් 28, 2019

ශ්‍රී ලංකා පොලීසිය විසින් කන්තලේ වැව අසල පොලිස් ජීවිතාරක්ෂක මුර කුටියක් මෑතකදී විවෘත කර ඇත.

පොලිස් මාධ්‍යයට අනුව, කන්තලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා විසින් ඔක්තෝම්බර් 22 වන දින ජීවිතාරක්ෂක මුර කුටිය විවෘත කරන ලදී.

පොලිස් පරිසර, නාවික හා ආපදා කළමනාකරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.එච්. චූලසිරි මහතාගේ මගපෙන්වීම මත මොබිටෙල් ආයතනයේද සහාය ඇතිව මෙම ජීවිතාරක්ෂක මුර කුටිය ඉදිකර තිබේ.

කන්තලේ වැව සංචාරකයින් අතර ජනප්‍රිය හා ආකර්ෂණීය ස්ථානයක් වන අතර දෙස් විදෙස් සංචාරකයින් විශාල සංඛ්‍යාවක් දෛනිකව පැමිණෙන අතර බොහෝ දෙනෙක් මෙහි දිය නෑමද සිදු කරයි.

දියේ ගිලීම් සහ ජලය ආශ්‍රිත අනතුරු වැළැක්වීමේ අරමුණින් පිහිටුවන ලද ජීවිතාරක්ෂක මුරකුටියෙහි ජීවිතාරක්ෂක පුහුණුව ලත් පොලිස් නිලධාරීන් රාජකාරී කරයි.