කිලිනොච්චි භට පිරිස් රුධිරය පරිත්‍යාග කරයි

ඔක්තෝම්බර් 28, 2019

කිලිනොච්චි ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් සෙනසුරාදා (ඔක්තෝම්බර් 26) ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී කිලිනොච්චි ලේ බැංකුවට ලේ ලබාදීම සදහා රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී.

යුද හමුදා මාධ්‍යට අනුව, අරියවෙල්නගර් ප්‍රදේශයේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා ඉංජිනේරු පීඨයේ උපාදී අපේක්ෂකයින් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා සාමාජිකයන් පිලිකා රෝගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කර ඇත.

උපාදී අපේක්ෂකයින් සහ රෝහලේ කාර්යමණ්ඩලය එක්ව මෙම රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබිණි.

ප්‍රතිකාර කරනු ලබන රෝගීන් වෙනුවෙන් රජයේ රෝහල්හි ලේ බැංකු වෙත ස්වේච්ඡාවෙන් රුධිරය පරිත්‍යාග කිරීම සදහා නිරන්තරයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කටයුතු කරයි.