අභිමන්සලෙහි නේවාසික අබාධිත රණවිරුවන් නාගදීප විහාරයේ සංචාරයක

ඔක්තෝම්බර් 28, 2019

කඹුරුපිටිය ‘අභිමන්සල’ සුවතා නිකේතනයේ ආබාධිත රණවිරුවන් පිරිසකට සෙනසුරාදා දින (ඔක්තෝබර් 26) නාගදීප රජමහා විහාරය නැරඹීම සදහා  මුහුදු මඟින් ගමන් කිරීමට ප්‍රවාහන පහසුකම් සපයන ලදී.

නාවික හමුදා මාධ්‍යට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මඟ පෙන්වීම මත නාවික හමුදාව විසින් සුවතා නිකේතනයේ සිටින ආබාධිත රණවිරුවන් නාගදීප විහාරය වෙත නාවික හමුදා ජැටියේ සිට නයනතිව් ජැටිය දක්වා ආරක්ෂිතව නාවික හමුදා යාත්‍රාවක් මඟින් රැගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලදී.

නාගදීප විහාරයේ සිදු කල සංචාරයේදී නාගදීප විහාරාධිපති, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්‍රවීනාචාර්ය අතිපුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන් විසින් රණවිරුවන් හට සෙත්පතන ලදී.

මේ අතර, නයනතිව් නාවික හමුදා කඳවුරේ සිටින නාවික හමුදා සෙබළුන් ඔවුන්ගේ සහෝදර සේවයේ මෙම රණවිරුවන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද සුදානම් කර තිබූනි. නාවික හමුදාව විසින් සංවිධානය කර තිබු මෙම සංචාරය ඔවුන්ගේ සිත්තුල අමතක නොවන අත්දැකීමක් බවට පත් කරලීමට සමත් විය.