අවශ්‍යතා සහිත පුවුලකට යුද්ධ හමුදාවෙන් ආධාර

ඔක්තෝම්බර් 28, 2019

අවශ්‍යතා සහිත පවුලකට ජීවන තත්වය නගාසිටුවීම කෙරෙහි තම මානුෂීය සැලකිල්ල යොමුකරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ (MIR) භටයින් විසින් නවීකරණය කරන ලද ත්‍රීරෝද රථයක් සිකුරාදා (ඔක්තොම්බර් 25) ලබා දී ඇත.

යුධ හමුදා මාධ්‍යට අනුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සාමාජිකයන්ගේ මෙම කාරුණික පරිත්‍යාගයෙහි ප්‍රතිලාභියා ශාරීරික හා මානසික ආබාධ සහිත වැඩිහිටි දරුවන් හතරදෙනෙකුගේ පියෙකි. එම දරුවන්ගේ ශාරීරික අවශ්‍යතාවයන්ට සරිලන පරිදි පරිත්‍යාගකළ ත්‍රීරෝද රථය නවීකරණය කර ඇත.

පවුලේ පියා විසින් පවත්වාගෙන යනු ලබන කුඩා වෙළඳ සැලෙන් ලැබෙන සුළු අදායම් මාර්ගය මගින් වැඩිහිටි දරුවන් සිවුදෙනා සහ බිරිඳ රැකබලා ගනී. මෙම අසරණ පවුලේ දුක්ඛිත තත්වය සලකා බැලීමෙන් පසු සිවිල්, හමුදා සහයෝගීත ව්‍යාපෘතිය යටතේ පරිත්‍යාගශීලීන්ගේද සහය ඇතිව නවීකරණය කරන ලද ත්‍රීරෝද රථය පරිත්‍යාග කර ඇත.

ජනමාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී දඹුල්ල හල්මිල්ලෑව ප්‍රෙදේශයේ පදිංචි එම ප්‍රතිලාභියාට නවීකරණය කරන ලද ත්‍රීරෝද රථය ලබාදෙන ලදී.