ගංවතුර නිසා අවතැන් වූ සිවිල් වැසියන් ආරක්ෂිතව එම ප්‍රදේශයෙන් ඉවත් කෙරේ

ඔක්තෝම්බර් 30, 2019

දිවයින පුරා දිගින් දිගටම ඇද හැලෙන වර්ෂාවත් සමඟ ප්‍රදේශ කිහිපයක ගංවතුර හා නායයෑම් සිදුවිය. මේ වන විට තවදුරටත් කාලගුණ තත්වයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් නොකරන අතර නමුත්  ජනතාව හට තමන්ගේ දෛනික කටයුතු පෙර පරිදි සිදු කිරීමේ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවී තිබේ.

ස්වාභාවික ආපදා තත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙත සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා භට පිරිස් මේ වන විටත් කටයුතු කරමින් සිටි. යුද හමුදා මාධ්‍යට අනුව අම්පාර, ලාහුගල ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වය මත අවතැන්ව සිටි සිවිල් වැසියන් මුදා ගැනීමට හමුදා සාමාජිකයින් කටයුතු කර තිබේ.
 
මේ වන විට පවතින ධාරානිපාත වර්ෂා තත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවීම නිසා වාහන ගමනාගමනය  අඩාල වී ඇත. යුද්ධ හමුදාව සිය යුනිබෆල් රථයක් ජනතාව ආරක්ෂිතව ආරක්‍ෂිත ස්ථාන කරා ගෙන යාම සදහා යොදා තිබුණි.

නාවික හමුදාවද ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට ආධාර සැපයීම සඳහා සිය සහන කණ්ඩායම් සහ යාත්‍රා යොදවා ඇත.