යුරෝපා සංගම් මැතිවරණ නිරීක්‍ෂණ නියෝජිතයින් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 01, 2019

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්‍ෂණ ආරක්‍ෂක විශේෂඥ මෙහෙයුම් (EU EOM) මැනුවෙල් ඇමරිල්ලා මහතා සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා අතර අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (නොවැම්බර් 01) දින සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන, හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ටී.ජේ කොඩිතුවක්කු සහ නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී ඩි.එම්.ඒ.පී දිසානායක සහභාගි විය.