මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වූවකු නිසා නොසන්සුන්තාවයක්

නොවැම්බර් 01, 2019

මාවතගම ප්‍රදේශයේ අද දින (නොවැම්බර් 01) සිදුවූ සිදුවීමකින් පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගත කර තිබේ. මෙම සිදුවීමෙහි සැකකරු වන වෑඋඩ, සිංහපුර පදිංචි 29 හැවිරිදි මිහිදුකුලසුරියගේ ප්‍රියන්ත කුමාර යන පුද්ගලයා පහරදී සිදු කල නොමනා ක්‍රියා කලාපය හේතුවෙන් අද උදෑසන මාවතගම කරගහදෙනිය ප්‍රදේශයේ වාහන කිහිපයකට හානි සිදු වී ඇති අතර ප්‍රදේශවාසි මුස්ලිම් පුද්ගලයකුටද තුවාල සිදු වී ඇත.

වෑඋඩ, සිංහපුර පදිංචි මෙම සැකකරු මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වූ අයෙකු ලෙස සැක කරන අතර ඒ පිලිබදව සිදු කරන ලද පරීක්ෂණ වලදී ඔහුගේ මව විසින් මෙම පුද්ගලයා අද උදෑසනට නියමිත බෙහෙත් වාරය පානය කර නොමැති බවද ප්‍රකාශ කර ඇත.

මෙම සිදුවීමේදී ලොරි රථ දෙකකට වෑන් රථයකට සහ කාර් රථයකට  හානි සිදු වී ඇති අතර තවද තුවාල ලැබූ පුද්ගලයා මාවතගම රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු කුරුණෑගල  රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇත.

පොලිසිය මේ පිළීබදව වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර අසත්‍ය ප්‍රචාර සහ කටකතා සදහා නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.