අසරණ පවුලකට ගුවන් හමුදාවෙන් නව නිවසක්

නොවැම්බර් 04, 2019

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරන ලද නව නිවසක් එහි හිමිකරුවන් වෙත පරිත්‍යාග කර ඇත. ගුවන් හමුදා මාධ්‍යට අනුව, ගුවන් හමුදා වවුනියාව කඳවුරේ 41 වන සංවත්සරය වෙනුවෙන් වවුනියාව, කුඩාකච්චක්කොඩිය ප්‍රදේශයේ වැන්දඹු කාන්තාවක් සහ ඇයගේ වයස අවුරුදු 9 ක් වන පිරිමි දරුවා වෙත මෙම නව නිවස පරිත්‍යාග කර ඇත.

මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී මියගොස් ඇත.

ගුවන් හමුදා වවුනියාව කඳවුරේ නිලධාරීන්ගේ, සෙසු නිලයින්ගේ සහ පවුල්වල සාමාජිකයින්ගේ සාමුහික දායකත්වය මත ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් අංග සම්පූර්ණ මුළුතැන්ගෙයක් සහ නාන කාමරයක් සහිතව මෙම නිවස ඉදිකර ඇත.