නව යුධ හමුදා මූලස්ථාන සංකීර්ණය හෙට විවෘත කෙරේ

නොවැම්බර් 07, 2019

ශ්‍රී ලංකා යුධ හමුදාව ශ්‍රී ජයවර්ධනපුර ඉදිකරන ලද නව මූලස්ථානය වෙත සිකුරාදා (නොවැම්බර් 08) පිවිසීමට නියමිතය. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සුරතින් හෙට උදෑසන නව හමුදා මූලස්ථාන සංකීරණය විවෘත කරනු ඇත.

යුධ හමුදා ශ්‍රම දායකත්වයෙන් හා විශේෂඥ දැනුමෙන් ඉදිකරන ලද මෙම නවීන යුධ හමුදා මූලස්ථාන සංකීර්ණය තුල මීට පෙර විවිධ ස්ථානවල පිහිටා තබූ අධ්‍යක්ෂ මණඩල සියල්ල පිහිටවේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ජෙනරාල්  එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී, ආර්ඩබ්ලිව්පී, ආර්එස්පී, වීඑස්වී, යූඑස්පී, එන්ඩීසී මහතා  මීට පෙර කීහිපවතාවක් නිරීක්ෂණ සංචාරයන් සිදුකර යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඉදිකිරීම් කටයුතු සහ විවෘත කිරීමේ කටයුතු පිලිබඳව සාකච්ඡා සිදුකරන ලදි.