ගුවන් හමුදා විරුවන් වෙත විරවික්‍රම පදක්කමි පිරිනැමිම ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන්

නොවැම්බර් 12, 2019

දශක තුනක් පුරා ලක් දෙරණ වෙලාගත් කුරිරු ත්‍රස්ත්‍රවාදය මානුෂිය මෙහෙයුමකින් නිමා කරලමින් ලක් මාතාවට සාමය හා සංහිදියාව රුගෙන ඒමට ස්වකිය දිවි පරදුවට තබමින් උත්තම සේවාවක් සිදුකරන්නට ඇප කැපවු ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙහි නිළධාරින් හා සෙසු නිළයන් උදෙසා විරෝධාර විභූෂණය විරවික්‍රම විභූෂණය රණ වික්‍රම හා රණ ශූර පදක්කමි පිරිනැමිම සේනාධිනායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2019 නොවැමිබර් මස 11 වන දින කොළඹ ජනාධිපති ලේකමි කාර්යාලයේදී පැවැත්වින.

මෙහිදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් රණවික්‍රම පදක්කමෙන් පිදුමි ලැබු අතර විරෝධාර විභූෂණ පදක්කමි ලාභින් 05 දෙනෙකු විරවික්‍රම විභූෂණ පදක්කමි ලාභින් 03 දෙනෙකු රණවික්‍රම පදක්කමිලාභින් 15 දෙනෙකු සහ රණ ශූර පදක්කමි ලාභින් 51 දෙනෙකු වශයෙන් 74 දෙනෙකු සදහා පදක්කමි පිරිනැමිම මෙහිදි සිදුවිය.මෙම අවස්ථාව සදහා ජනාධිපති ලේකමි තුමන් ආරක්ෂක ලේකමි තුමන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තමන් ගුවන් හමුදාධිපති තුමන් ඇතුළු ගුවන් හමුදා ජේෂඨ නිළධාරින් මෙන්ම සෙසුනිළයන් පිරිසක් සහභාගිවිය.

අනුග්‍රහය: ගුවන් හමුදා මාධ්‍ය ඒකකය