ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනි සිටින සිසුන් වෙනුවෙන් අධ්‍යාපන සම්මන්ත්‍රණ පවත්වයි

නොවැම්බර් 16, 2019

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් දෙසැම්බර් මස (2019) පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් අධ්‍යාපන සම්මන්ත්‍රණයන් පවත්වා ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය වාර්තා කරයි. මෙමගින් පාසැල් සිසුන් විශාල පිරිසකට ප්‍රතිලාභ සැලසී ඇත.

සම්මන්ත්‍රණයන් නෙළුම් පියස ශ්‍රවණාගාරය, පිරමන්තල් ආරු විද්‍යාලය, ධර්මපුරම් මහා විද්‍යාලය සහ කිලිනොච්චි උපයෝගිතා මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සහභාගී වූ සිසුන් වෙනුවෙන් ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ අත්පත්‍රිකා ලබාදුන් අතර, සිසුන් ඉතා උනන්දුවෙන් මෙම වැඩසටහන් සඳහා සහභාගී විය.

මෙම සම්මන්ත්‍රණ සඳහා සහභාගී වූ සිසුන්ට ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව, ඉතිහාසය සහ කලා විෂයයන් පිළිබඳ දැනුම වර්ධනය කරගැනීමට හැකි විය. සිසුන් වෙනුවෙන් නොමිලේ කෙටි ආහාර, දිවා ආහාර සහ ප්‍රවාහන පහසුකම් ද ලබා දෙන ලදි.

උතුරු ප්‍රදේශයේ පාසැල් සිසුන්ගේ දැනුම වර්ධනය කිරීම අරමුණු කරගෙන නිරතුරුවම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අධ්‍යාපන දෙපාර්තමේන්තු බලධාරීන්ගේ සහ සුදුසුකම් ලත් ගුරුවරුන්ගේ සහාය ඇතිව කිසිදු අය කිරීමකින් තොරව මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරයි.