ථෙරවාදී ධර්මායතනයේ නාවික හමුදාව විසින් ස්ථාපිත කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය අතිගරු ජනපතිතුමන් විසින් විවෘත කෙරේ

නොවැම්බර් 16, 2019

ශ්‍රී නාවික හමුදාව විසින් ආණමඩුව, කරුවලගස්වැව අන්තර් ජාතික ථෙරවාදී ධර්මායතනයේ ස්ථාපිත කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය අතිගරු ජනපතිතුමන් විසින් සිකුරාදා දින (නොවැම්බර් 15) විවෘත කරන ලදි. නාවික හමුදා මාධ්‍යට අනුව නාවික හමුදාව විසින් ස්ථාපිත කරන ලද ජල පිරිපහදු යන්ත්‍රය මගින් අන්තර් ජාතික ථෙරවාදී ධර්මායතනය වෙත පැමිණෙන බැතිමතුන් විශාල පිරිසකට ප්‍රතිලාභ සැලසේ.

මෙම අවස්ථාව සඳහා යුද්ධ සහ නාවික හමුදාධිපතිවරුන්ද සහභාගී විය.

විශේෂයෙන්ම දිවයින පුරා නිදන්ගත වකුගඩු රෝග බහුලව පවතින ප්‍රදේශවල නාවික හමුදාව විසින් ජල පිරිපහදු යන්ත්‍ර විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කර ස්ථාපිත කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රධාන අනුග්‍රහය වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් දක්වන අතර තවද බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ තනි පුද්ගල ධානපතියන්ද මෙම ජාතික අරමුණ සඳහා සහාය ලබා දෙයි.

එම උත්සවය සඳහා ගරුතර මහා සංඝරත්නය, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.