ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

නොවැම්බර් 16, 2019

මාර්ග බාධක දමා ඇතැයි ප්‍රචාරය වන දූෂමාන ආරංචි හමුදාව තරයේ ප්‍රතික්‍ෂේප කිරීම

2019 ජනාධිපතිවරණ ඡන්ද විමසීම බාධා වන අයුරින් උතු‍රු පළාතේ හමුදා මාර්ග බාධක යොදා ඇති බවට ගෙන යන ප්‍රචාරය සම්පුර්ණ අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රචාරයක් බව ශ්‍රි ලංකා යුධ හමුදාව අවධාරණය කරනු ලබයි. උතුරේ ජනතාවට නිදහසේ තම ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරිම වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලැබු සියළු මාර්ග බාධක ඉවත් කර ඇත. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය ආරක්‍ෂක පියවරයන් ගෙන ඇති බව ශ්‍රි ලංකා යුද්ධ හමුදාපතිතුමා සනාථ කරනු ලැබ තිබේ. (අවසානය)