ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපති ලෙස අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් දිවුරුම් දෙයි

නොවැම්බර් 18, 2019

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ලෙස තේරී පත්වූ අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හත්වන විධායක ජනාධිපති ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී අද (නොවැම්බර් 18) අනුරාධපුර රුවන්වැලි මහ සෑ මළුවේදී දිවුරුම් දුන්නේය.

මෙම අවස්ථාව සදහා ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා ද සහභාගී විය.

ශ්‍රී ලංකාවේ හත් වන විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සදහා සෙනසුරාදා දින (2019 නොවැම්බර් 16) පැවති ජනාධිපතිවරණයේදී නව ජනාධිපති ලෙස අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් තේරී පත්විය.