පොලිස් රථවාහන කොට්ඨාශයේ නිලධාරීන් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 22, 2019

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් රථවාහන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (නොවැම්බර් 22) අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාද සහභාගී විය.

මෙම සාකච්ඡාව කොළඹ වාණිජ අගනුවර සහ දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගරවල පවත්නා රථවාහන තදබදය සහ අනෙකුත් රථවාහන හැසිරවීම සම්බන්ධ ගැටළු සඳහා විසඳුම් සෙවීමේ අරමුණින් පවත්වන ලදි. මහා මාර්ග භාවිතා කරන පොදු මහජනයා වෙත සහන සැලසීම සඳහා මෙම දැවෙන ගැටලුවට කඩිනම් හා කල් පවත්නා විසඳුම් සෙවීමට ආරක්‍ෂක ලේකම්වරයා විසින් පොලිසියට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාව සඳහා හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් ටීජේ කොඩිතුවක්කු මහතාද සහභාගී විය.