ජපාන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ජනපති හමුවෙයි

ජුලි 26, 2019

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපානයේ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කෙන්ජි හරදා (Kenji Harada) මහතා අතර හමුවක් අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා, ජපන් තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama) මහතා, ජපන් ආරක්ෂක සහයෝගීතා හා හුවමාරු අධ්‍යක්ෂ මසකෂු ටකහෂි (Masakazu Takahashi) සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ විධායක සහායක හිරෝෂි කොකුබා (Hiroshi Kokubo) ද මෙම හමුවට එක් වී තිබේ.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය